අක්මාවේ තෙල් තැම්පත් වීම සුව කර ගන්නා හැටි ..
අක්මාවේ තෙල් තැම්පත් වීම හෙවත් ෆැටි ලිවර් (Fatty Liver) සුව කර ගන්නා අයුරු ...
01. දිනකට අවම වශයෙන් විනාඩි 40 ක්වත් හොඳින් ඇවිදින්න. නැතහොත් පිහිනීම ද ඉතා සුදුසු ව්‍යායාමයකි.
02. ගැඹුරු බැදපු ෂෝටීස් වර්ග, තෙල් සහිත ආහාර, පාන් සහ ක්ෂණික ආහාර හැකිතාක් අවම කරන්න.
03. හරක් මස්, ඌරු මස්, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, පොකිරිස්සන් වැනි ආහාර අවම කරන්න.
04. ෆ්‍රයිඩ් රයිස්, කොට්ටු, පරාටා, පාන්, ඉදිආප්ප වැනි පිටි සහිත ආහාර වලින් වළකින්න.
05. කිරිපිටි, මුදවපු කිරි, බටර්, මාගරින් සහ චීස් වැනි ආහාර අවම කරන්න.
06. අක්මාවේ තෙල් තැන්පතු අඩු කිරීම සඳහා හීන් බෝවිටියා කොළ, බෙහෙත් හීනැටි සහල් සමග කොළ කැඳ, මොණර කුඩුම්බිය කොළ කැඳ, යකිනාරන් හරිත කැඳ ඉතා ප්‍රයෝජනවත් වේ.
07. ඊට අමතරව ගොටුකොළ සහ කරපිංචා කොළ ද පානය කිරීමට ඉතා සුදුසු ය.
08. ආහාර පිසීම සඳහා එළවළු තෙල් හෝ සත්ව තෙල් භාවිතය අවම කිරීම.
09. වෛද්‍ය උපදෙස් සහිතව ත්‍රිපලා කුඩු හෝ ටැබ්ලට් සුදුසු මාත්‍රාවකින් පානය කරන්න.
10. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කර වැඩි වීමක් තිබේ නම්, සුදුසු ආහාර පාලනයක් සහිතව දේශීය ඖෂධ භාවිතා කරන්න.
11. වෛද්‍ය උපදෙස් මත Ultrasound Scan Report, Liver Profile පරීක්ෂා කර අක්මාවේ ස්වභාවය හා ක්‍රියාකාරීත්වය පිළිබඳව දැනගන්න.
12. Fatty Liver අවස්තාවේ අවසාන ප්‍රතිපලය සිරෝසිස් බැවින්, Fatty Liver ඇති grade එක scan එකකින් සහ අක්මාවට හානි සිදුවී ඇතිද යන්න Liver Profile එකකින් දැන ගැනීම ඉතාම වැදගත් වේ.
13. මත්පැන් භාවිතය සම්පූර්ණයෙන්ම නවත්වන්න. ඇල්කොහොල් අඩංගු බීම වර්ග භාවිතය අඩු කරන්න.
14. ඔබේ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ මට්ටමක පවතින විට, කිසිදු හේතුවක් නොමැතිව ඔබ උදේ අවදි වුවහොත්, ඔබේ වළලුකර ඉදිමී තිබේ නම්, ඔබේ මුත්‍ර අඳුරු පැහැයෙන් යුක්ත වන අතර වෙනදාට වඩා ඔබට මහන්සියක් දැනේ නම්, ඔබේ අක්මාව පරීක්ෂා කර බැලීම වඩාත් සුදුසුය.
15. ඔබ දිගු කලක් මත්පෙති හෝ දුම් පානය කරන්නේ නම්, ඔබේ අක්මාව පරීක්ෂා කර බැලිය යුතුය.
16. ඔබ කිසියම් රෝගයක් සඳහා (විශේෂයෙන් දියවැඩියා, කොලෙස්ටරෝල්) බටහිර ඖෂධ භාවිතා කරන්නේ නම්, එය අනිවාර්යයෙන්ම ඔබේ අක්මාව පරීක්ෂා කිරීම වටී.
17. ඔබට තරබාරුකම, දියවැඩියාව හෝ අධික කොලෙස්ටරෝල් තිබේ නම්, ඔබට අක්මා පරීක්ෂණයක් කළ යුතුය.
18. ඔබට සිරෝසිස් හෝ Fatty Liver grade 2,3 වැනි රෝගයක් ඇත්නම්, ඔබ ඇල්කොහොල් භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතුය.
අක්මාව යනු ඔබේ ශරීරයේ කාර්යයන් 500 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉටු කරන වැදගත්ම අවයවයකි.
එය ඔබගේ වැරදි ආහාර පුරුදු, උදාසීන ජීවන රටාව, දිගු කාලීන බටහිර වෛද්‍ය විද්‍යාව, දියවැඩියාව, කොලෙස්ටරෝල් වැනි රෝගි තත්ව නිසා එය රෝගි විය හැකිය.
Comments
Post a Comment