තුන් ලොව තතු ලෙස දත් ලෝකවිදු බුදුපියාණෝ තුන්ලොව යනු ඕකාස ලෝකය, සත්ත්ව ලෝකය හා සංඛාර ලෝකය යන තුන්වැදෑරුම් ලෝකයයි. බුදුරදුන් සබ්බා සූත්‍රයෙහි ලොව සියල්ල කුමක්දැ’යි මෙසේ හැඳින් වූහ. “මහණෙනි, මම ලොව සියල්ල ඔබලාට දේශනා කරමි. ඒ කවරේදයත් “ඇස-රූප, කණ-ශබ්ද, නාසය - ගඳ සුවඳ, දිව- රස, කය-පොට්ඨබිබ, මනස-ධර්ම” බුදු රදුන් විසින් පහදා දුන් මේ සියල්ල ලොවට අයත් දේවල්ය. බුදුගුණ අනන්තය, බුදුගුණ කියා නිමකළ නොහැකි වුවත් අප උදේ සවස වන්දනා කරන විට සිහිපත් කෙරෙන බුදුරදුන්ගේ නවලොව්තුරු ගුණයන් පිළිබඳව බිඳක් දැන සිටීම මිත්‍යා දෘෂ්ටියට නොවැටී සුගතිපරායන වීමටත් උතුම් වූ නිවන් සැප පිණිසත් හේතුවනු ඇත. අද අප අවධානය යොමු කරනුයේ උන්වහන්සේගේ ලෝකවිදූ බුදුගුණ කෙරෙහිය. මෙහිදී ලෝකවිදූ ගුණයත් සම්මා සම්බුද්ධ ගුණයත් සමාන ලෙස කෙනෙකුට හැඟෙනු ඇත. ඒ බුදුගුණ දෙක අතර ඇති වෙනස ද සැකෙවින් වටහා ගනිමු. සම්මා සම්බුද්ධ ගුණයෙන් කියැවෙන්නේ අප බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශයකින් හෝ ලොව අන් කිසිවකුගෙන් අසා දැනගෙන නොව ස්වකීය ශක්තියෙන්ම චතුරාර්ය සත්‍යය ඇතුළු සියලු මාර්ගයන් ප්‍රත්‍යක්ෂ කරගත් බවයි. සම්බුද්ධ යන නාමය ලබන්නේ පසේ බුදුවරුන් සහ ...
Search This Blog
ඔබ නොදත් ලොව වටා දැනුම
Posts
Featured
Latest Posts
කාලයත් සමඟ අපෙන් දුරස්වුන අපේ බුද්ධ භෝග..
- Get link
- X
- Other Apps